මන්දගාමීව ධාවනය වන වාහන හේතුවෙන් අනතුරු සිදුවන බැවින් අධිවේගී මාර්ගවල අවම වේග සීමාවක් පැනවීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
උපරිම වේග සීමාව පැයට කිලෝමීටර් 100 ලෙස පනවනු ලැබුවද තවමත් අවම වේගයක් පනවා නොමැති බව සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේය.
බොහෝ අනතුරු සිදුවන්නේ සෙමෙන් ධාවනය වන වාහන පසුකර යාමේදී බවත් එවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා අවම වේග සීමාවක් සකස් කිරීම වැදගත් බවත් ඔහු පැවසීය.
අධිවේගී මාර්ගවල සිදුවන අනතුරු සම්බන්ධයෙන් ක්ෂේත්රයේ ප්‍රවීණයන් සහ පොලිසිය වැනි අදාළ ආයතන සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවත් සති දෙකක් ඇතුළත නව නීති රීති ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන බවත් ඇමැතිවරයා කීය.