එදා අධිකරණ 27 ක් ගිනි තබපු අය රටේ යුක්තිය කොහිදැයි අහන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
පාසැල් 170 ක් ගිනි තැබූ අය අධ්‍යාපනය විනාශ වුණේ කොහොමදැයි අසන බවද රාජපක්ෂ මහතා කීය.
රටේ 76 වසරක ශාපය ගැන කථා කරන අය දේශපාලන නායකයින් කළ සේවය පිළිබදව කථා කරන්නේ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ වසර 25කට අධික කාලයක් අඛණ්ඩව පෙර පාසැල් ගුරුවරුන් ලෙස කටයුතු කළ ගාල්ල දිස්ත්‍රික්කයේ පෙර පාසැල් ගුරුවරියන් සදහා මුළු දිවයිනටම බලපාන පරිදි සාම විසුරු පදවි පිරිනැමීම වෙනුවෙන් ගාල්ලේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.
දේශපාලන ස්ථාවරත්වයක් නොමැතිව ආර්ථිකය ස්ථාවර කරන්න බැරි බව කී අමාත්‍යවරයා දේශපාලන ස්ථාවරත්වය බිඳ වැටුණොත් ආර්ථික ස්ථාවරත්වය විනාශ වෙන බව සඳහන් කළේය.