අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් තීරණයක්

ලබන ජනවාරි මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් 54 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අදාළ ස්ථාන මාරු වීම් ලබා දී ඇති බව වාර්තා වේ.

වාර්ෂික ස්ථාන මාරු වීම් යටතේ සේවා අවශ්‍යතා මත එම මාරු වීම් ලබා දී ඇති බව සඳහන්ය.

ඒ අනුව කඩුවෙල, පූගොඩ, මාරවිල, කළුතර, මාතලේ, ඇල්පිටිය, මොණරාගල, පුත්තලම, කිලිනොච්චිය සහ අනුරාධපුර යන අධිකරණවල දිසා විනිසුරුවරුන්ට ස්ථාන මාරු වීම් හිමි ව තිබේ.

හෝමාගම, මීගමුව, බණ්ඩාරවෙල, නුවරඑළිය, මඩකලපුව, කෑගල්ල, ඇල්පිටිය, බලපිටිය, මැදවච්චිය, නොච්චියාගම, නාවුල, ආණමඩුව, අගුණකොළපැලැස්ස සහ කහටගස්දිගිලිය යන අධිකරණවල මහේස්ත්‍රාත්වරුන්ට ද මෙවර ස්ථාන මාරු වීම් හිමි ව ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *