අධිකරණය ජෙරොම් ගැන වාර්තාවක් නීතිපතිගෙන් ඉල්ලයි

බුදු දහම ඇතුළු ආගම් වලට අපහාසවන අන්දමින් ප්‍රකාශ සිදු කරන ලදැයි චෝදනා ලැබ සිටින දේව ගැති ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් මෙතෙක් සිදු කරන ලද විමර්ශන   ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් සති දෙකක් ඇතුළත  ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කරමින්  දන්වා සිටියේය.

දේව ගැතිවරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා  සර්ව ආගමික නායකයන් පිරිසක්  ගොනු කළ  පෙත්සමක් කදවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සමකැඳවීය.

දේව ගැතිවරයා සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය ඇතුළු  අංශ දෙකක් ඔස්සේ විමර්ශන දෙකක් සිදු කරන බව නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *