අධ්‍යාපන කාර්යසාධක බළකායට නව සාමාජිකයින් එකතු කෙරේ


මෙරට අධ්‍යාපන කටයුතු පිළිබඳ කාර්යසාධක බළකාය සඳහා ජනාධිපතිවරයා විසින් නව සාමාජිකයින් කිහිපදෙනෙකු පත්කර තිබේ.

උප කුලපතිවරයෙකු වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්. පී. මහලියනආරච්චි, මහාචාර්ය එම්. ඩී. ළමාවංශ, මහාචාර්ය පී.එම්. සී. තිලකරත්න, මහාචාර්ය ඒ. රමීස්, මහාචාර්ය ආර්.යු.එස්.කේ රත්නායක, ආචාර්ය ජේ.එල්. රත්නසේකර සහ දීපා ලියනගේ, ඕෂධ සේනානායක යන මහත්ම මහත්මීන් නව සාමාජිකයින් ලෙස පත්කර තිබේ.

මීට අමතරව නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මිනුම්පතිවරයා ද නම් කරඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *