අධ්‍යාපනය මාර්තුවේ ඩිජිටල්කරණයට

අධ්‍යාපනය ඩිජිටල්කරණය සඳහා වන නියමු ව්‍යාපෘතිය මාර්තු මාසයේ දී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

2024 වසරට අදාල පාසල් පෙළ පොත් බෙදාහැරීම සඳහා යොමු කර අවසන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන්  ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

පාසල් දිවා ආහාර වෙනුවෙන් රුපියල් බිලියන 16ක් අය වැය මඟින් වෙන්කර තිබෙන අතර  ඊට අමතරව දරුවන් ලක්ෂ දෙකකට දිවා ආහාරය ලබාදීම වෙනුවෙන් USAID ආයතනය මඟින් ගිවිසුම් අත්සන් කළ බව අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *