අද රාත්‍රී දුම්රිය වෘත්තීය සමිති සන්ධානයෙන් පැය 24ක වැඩ වර්ජනයක්.

අද රාත්‍රියේ සිට පැය 24ක වැඩවර්ජනයක් : RTUA ජනතා අරගලයට සහය පළ කරමින් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති එකමුතුව පවසයි.

ඔවුන් පැවසුවේ අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට (28) මධ්‍යම රාත්‍රියෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරන බවයි.

පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මතුව ඇති ගැටලු සැලකිල්ලට ගනිමින් වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (TUCC) වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කළ බව ද ඔවුහු පැවසූහ.

එබැවින් දැනට දුම්රිය දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වන වෘත්තීය සමිති 27 විසින් නියමිත වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන ලෙස RTUA ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *