අද මහා පරිමාණයේ වැඩ වර්ජන රට පුරා…

රජයට එරෙහිව හෙට (28) දිනයේදී වෘත්තීය සමිති කිහිපයක සහභාගීත්වයෙන් මහා පරිමාණ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය, රාජ්‍ය සහ වතුකරයේ වෘත්තීය සමිති රජයට එරෙහිව ඒකාබද්ධ වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කර තිබේ.

රජයට ඉවත්වන ලෙස බලකරමින් පැවැත්වෙන මෙම වැඩවර්ජනයට වෘත්තීය සමිති 100කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතයි.

රජයට එරෙහිව වැඩ වර්ජනයක් දියත් කිරීම සඳහා රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අසනීප නිවාඩු ව්‍යාපාරයක් ප්‍රකාශයට පත් කර තිබේ.

හෙට පෙරවරුවේ කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට මෙම වැඩවර්ජනය පැවැත්වෙනවා.

මහජන මතයට ගරු කරන ලෙස රජයට බලකරමින් සහ රජයෙන් ඉවත් වන ලෙස බලකරමින් වැඩවර්ජනයක් දියත් කරන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.

සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය (ACUTU) ද රජයට එරෙහිව හෙට (28) එක්දින වැඩවර්ජනයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

එම සංගමයේ සභාපති පූජ්‍ය යාල්වෙල පඤ්ඤාසේකර හිමියන් අද මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ගුරුවරුන් දෙලක්ෂ හතලිස් දහසක් සහ විදුහල්පතිවරුන් 16,000කගේ සහභාගීත්වයෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

රජයට ඥාති සංග්‍රහ අවසන් කරන ලෙසත්, මහජන ඉල්ලීම්වලට අවනත වී ඉල්ලා අස්වී ජනතාවට ගැලපෙන රජයක් පිහිටුවන ලෙසත් බලකරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *