අද උදෑසන දුම්රිය 20 ක්, සවස 50 ක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

රටපුරා ක්‍රියාත්මක හර්තාලය නොතකා උදෑසන දුම්රිය 20 ක් ධාවනය කළ බව ශ්‍රී ලංකා දුම්රිය මාධ්‍ය ප්‍රකාශක ඒ.ඩී.ජී. සෙනෙවිරත්න මහතා පැවසීය.

මගීන්ට කොළඹ බලා යාමට පහසුකම් සැලසීම සඳහා සෑම මාර්ගයකම දුම්රිය ගණනාවක් ක්‍රියාත්මක කළ බවත් සවස් කාලයේ දුම්රිය 50ක් ධාවනය කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය රැසක් ධාවනය කළ බවද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *