අතුරුගිරියේ “ලොකු ජයා” පොලිස් දැලේ

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඝාතනයට ලක් වූ  මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් “අංගොඩ ලොක්කා” නැමැත්තාගේ සමීපතමයෙකු බව කියන අතුරුගිරියේ  “ලොකු ජයා” නැමැත්තා කඩු දෙකක් සහ ගංජා සමඟ  අත් අඩංගුවට ගත් බව බස්නාහිර පලාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

සැකකරු බස්නාහිර පලාත් අපරාධකරුවන් ගේ ලැයිස්තුගත සාමාජිකයෙකි.

ලද තොරතුරක් මත අතුරුගිරිය ගල්පොත්ත පාර ප්‍රදේශයේ නිවසක් වටලා සැකකරු අත් අඩංගුවට ගෙන අදාල නිවස සෝදිසි කිරීමේදී සගවා තිබූ කඩු දෙකක් සොයා ගැනීමට හැකි වූ බවද එම කොට්ඨාසය පවසයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 32 හැවිරිදි පුද්ගලයකු වන අතර සැකකරු සම්බන්ධයෙන් චෝදනා රැසක් පවතින බවද පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *