ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය විනාශ කිරීමට අදාළ කටයුතු මාර්තු මාසය අවසන් වනවිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා අවධාරණය කර තිබේ.
ඔහු සඳහන් කළේ, වනාතවිල්ලුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ පහසුකම් සහිත ගොඩනැගිල්ලක් ඉදිවෙමින් පවතින බවයි.