පොලිස් මාර්ග බාධකයේ යෙදී සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පරුෂ වචනයෙන් බැණ වැදුණු අඹු සැමි යුවළක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන කළ පරික්ෂාවේ දී රුපියල් කෝටි ගණනාවක් වටිනා සැකකටයුතු සුඛෝභෝගී වාහන පහක් පොලිස් භාරයට ගත් බව රාගම පොලිසිය කියයි.
එම වාහන අතර සුඛෝ භෝගී ජීප් රථ තුනක්, බෙන්ස් රථයක් සහ වැගන් ආර් මෝටර් රථයක් වන බව පොලිසිය සඳහන් කරයි.
රාගම පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් කීප දෙනෙකු රාගම බටුවත්ත සූසාන භූමිය අසල දිවා මාර්ග බාධක රාජකාරී යෙදී සිටියදී යතුරුපැදියක් නවතා පරික්ෂා කරමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් නිලධාරීන් අමතා පරුෂ වචනයෙන් බැණ වදිමින් එම ස්ථානයේ ආවේගශීලීව හැසිරී ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරියකු එම පුද්ගලයන් පැමිණි වාහනේ ලිපි ලේඛන රැගෙන එන ලෙස දැනුම් දීමත් සමගම ඔවුන් මෝටර් රථයෙන් පලා ගොස් ඇති අතර පලා ගිය මෝටර් රථයේ ලියාපදිංචිය අංකය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාරයාලය වෙත ලබා දී තොරතුරු ලබාගෙන එහි හිමිකරු සොයා ගනේ මුල්ල, දකුණුගල හිටියාව ප්‍රදේශය කරා ගිය බව පොලිසිය සඳහන් කරයි.
පොලිස් බාරයට ගත් වාහන වලට අදාල කිසිදු ලිපි ලේඛනයක් මේ වන විටත් ඉදිරිපත් කර නොතිබූ බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
ප්‍රධාන සැකකරුට මෙම වාහන ලද ආකාරය සම්බන්ධයෙන් සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් අඹු සැමි යුවළ වයස අවුරුදු 34-35 අතර පසුවන බවත් අනෙක් පුද්ගලයා වයස අවුරුදු 32 ක අයෙක් බවත් පොලිසිය කියයි.