අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ ලිපි නිකුත් කරන්නේ නෑ- අධ්‍යාපන අමාත්‍යංශය

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ ලිපි අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

2024 වර්ෂයේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් පාසල් වෙත යොමු කළ යුතු බව එම නිවේදනයේ දැක්වෙයි.

පාසල්වල පුරප්පාඩු පවතී නම් අදාළ විදුහල්පතිවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ ප‍‍්‍රකාරව සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගත් සිසුන්ගේ නාම ලේඛනය අනුමැතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කෙරේ.

එබැවින් අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අදාළ ඉල්ලීම්  සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට නොපැමිණෙන ලෙසට අමාත්‍යාංශය වැඩිදුරටත් අදාළ පාර්ශ්ව වෙත් දන්වා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *