අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි  රැදවියන් හතර දෙනෙකු  බන්ධනාගාර නිළධාරින්ගේ අත්  අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස්ස පොලිසිය පවසයි .

බන්ධනාගාරයේ එළිමහන් වැඩ සදහා යොදවා සිටියදී මෙම රැදවියන් හතර දෙනා පලාගොස් ඇතැයි පොලිසිය කියයි .

මෙලෙස පලාගොස් ඇත්තේ හෙරොයින් මත්ද්‍රව්‍ය ලග තබාගැනීමේ නඩුවලට  සිර දඩුවම් විදිමින් සිටි අම්බලන්තොට ලුණම කොළණිය පාරේ පදිංචි කරුවෙකු , කතරගම ගෝතමීගම පරණ බුත්තල පාරේ පදිංචි කරුවෙකු ,අම්බලන්තොට වලව මැදගම පාරේ පදිංචි හෙරොයින් ළඟ තබාගැනීමේ සහ ස්ත්‍රී දූෂණ චෝදනාවන්ට වැරදි කරුවෙකු වූ අයෙකු සහ සොරකම් කිරීමේ චෝදනාවට වරදකරුවූ අම්පාර මිහිදුපුර පදිංචි කරුවෙකු යන හතර දෙනාය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *