අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට පළවන වාර්ථා අසත්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය.
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් හෝ අගමැතිධුරයේ වෙනසක් කිරිමට රජය තීරණයක් ගෙන නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එම ප්‍රචාර අවධානය දිනා ගැනීම සඳහා විරුද්ධ කණ්ඩායම් ඇතැම් මාධ්‍ය සමග පතුරවා ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.