Vehicle Plates

අංක තහඩු නෑ: වාහන ලක්ෂ දෙකක් ගොඩගැහිලා

වාහන සඳහා අංක තහඩු මුද්‍රණය  මාසයක කාලයක් අඩාළවීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලක්ෂ දෙකකට අධික වාහන ලැයිස්තුවක්  ගොඩගැසී වාර්තාවේ.

එම වාහන බොහොමයක්  නව ලියාපදිංචි කිරීම් වන අතර සෙසු වාහන පැවරුම් ඔස්සේ පළාත් මාරු කිරීම් සිදුකර තිබෙන ඒවාය.

මුද්‍රණ සමාගමට මුදල් ගෙවීමේ ගැටලුවක් මත අත්හිටුවන ලද අංක තහඩු මුද්‍රණය  පසුගිය මාර්තු මාසයේ දී යළි ආරම්භ කර අප්‍රේල් 30 වැනිදා සිට යළි නවතා දමා ඇත.

අංක තහඩු මුද්‍රණය සඳහා නව සමාගමක් තෝරා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ කර තිබෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *