ළමා නිවාසයෙන් පැන්න දරුවා පියා සොයා ගිහින්

මතට ඇබ්බැහි වූ මාපියන්ගෙන් නිසි රැකවරණයක් නොලැබීම නිසා ළමා හා කාන්තා කාර්යාංශයේ මූලස්ථානය මගින් අධිකරණයට ඉදිරිපත් කොට  හෝමාගම හිරිපිටිය ප්‍රදේශයේ ළමා නිවාසයකට භාරදී තිබූ නව හැවිරිදී පාසැල්  දරුවෙකු ඉන් පලාවිත් සිය පියා සොයා යමින් සිටියදී පොලිසිය මගින් සොයා ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි.

මෙසේ භාරයට ගෙන ඇත්තේ බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවකු බව පොලීසිය කියයි.

මත්තේගොඩ පොලිසියේ නිලධාරී කණ්ඩායමක් මත්තේගොඩ හන්දිය අසල රාත්‍රි ජංගම මුර සංචාරයේ යෙදී සිටියදී කුඩා දරුවෙකු රාත්‍රී 08.30 පමණ තනිවම මාර්ගයේ ගමන් ගන්නා අයුරු දැක තිබේ. පසුව එම නිලධාරියා මෙම දරුවා නවතා  තොරතුරු විමසීමේදී මෙම තොරතුරු හෙළිකොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *