හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරු 7ක් ඇතුළුව 24 දෙනෙකුට කොවිඩ්

හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් 7 දෙනෙක් ඇතුළු 24කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි එම රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පවසයි.

ආසාදිතයින් අතර හෙද හෙදියන් 8 දෙනෙක් ,කාර්ය මණ්ඩලයේ 6 දෙනෙක් මෙන්ම ලිපිකරුවන් තිදෙනෙක්ද වන බව වෛද්‍ය අධිකාරිවරයා සඳහන් කළේය.

එම ආසාදිත පිරිස අතර දැඩි සත්කාර ඒකකයේ සේවය කරන වෛද්‍යවරුන් සිව්දෙනකු මෙන්ම සුළු සේවකයෙක් ද වන බව වෛද්‍ය අධිකාරිවරයා පැවසීය.

ආසාදිත සුළු සේවකයන් දෙදෙනෙක් පමණක් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් අය නිවෙස්වල ප්‍රතිකාර ලබන බව වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *