හෙරොයින් මත්කුඩු කිලෝ 150ක් අල්ලයි

නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ සිදු කල මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 400 ක් පමණ දුර ( කිලෝමීටර් 740 ) ගැඹුරු මුහුදේ ඊයේ සවස් කාලයේදී මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.

මෙම යාත්‍රාව ගාල්ල වරායට රැගෙන ඒමට කටයුතු කර ඇති අතර එහි හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 150 ක් පමණ තිබෙන බවට සැක කෙරෙන අතර, නාවික හමුදාව විසින් යාත්‍රාවේ අභ්‍යන්තර කොටස් පරීක්ෂා කරමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *