හානි වූ කුඹුරුවලට වන්දි ඉල්ලා විරෝධයක්

ගංවතුරින් හානිවු කුඹුරු වගා හානි සදහා රජයෙන් ලබා දෙන වන්දි මුදල් මෙතෙක් නොලැබුණැයි පවසමි පොලොන්නරුව දිවුලාන ගොවිහු පිරිසක් විරෝධතාවක නිරත වූහ.

ඔවුන් කුඹුරු මේවර මහ කන්නයට වගා කළ අතර පැවති අධික වර්ෂාව නිසා එම කුඹුරු විනාශයට පත්විය.

විනාශ වු වගාවන්ට වන්දි මුදල් ලබා දෙන බව කෘෂිකර්ම ඇමති කීවත් තවම ඔවුන්ට සාදාරණ වන්දි මුදලක් ලැබි නොමැති බවත් අක්කරයට රුපියල් පනස්දාහක් වත් අවශ්‍ය බව පොලොන්නරුව දිවුලාන ප්‍රදේශයේ ගොවින් පවසනවා

මෙම ගොවි විරෝධතාවය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගොවි ජාතික සමුළුව විසින් සංවිධානය කර තිබුනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *