සෞඛ්‍ය සේවක වර්ජනය සම්බන්ධ සාකච්ඡා අසාර්ථකයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති කිහිපයක් අද පැවැත්වූ සාකච්ඡාව අසාර්ථක වී තිබෙනවා.

ඒ අනුව හෙද, පරිපූරක සහ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති සිය වැඩවර්ජනය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කර තිබේ.

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ආරම්භ කර තිබේ.

වෘත්තීය සමිති අද විරෝධතා පාගමනක් ද පැවැත්වූ අතර එය කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය අසලින් අවසන් වූ අතර එය කොළඹ 07 පුරහල සහ ඒ අවට මාර්ග තදබදයක් ඇති කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *