සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සිංගප්පූරුවේ විශාලතම සෞඛ්‍ය සේවා ආයතන සමූහය සහ රජයේ රෝහල්, ජාතික විශේෂිත මධ්‍යස්ථාන මෙන් ම බහු සායන ජාලයකින් සමන්විත Singhealth Duke-NUS ගෝලීය සෞඛ්‍ය ආයතනන නියෝජිත කණ්ඩායමක් අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
ගෝලීය සෞඛ්‍ය පර්යේෂණ හවුල්කාරිත්වයන් ප්‍රවර්ධනය කිරීම, නවෝත්පාදනයන් පෝෂණය කිරීම සහ මෙරට සෞඛ්‍ය සේවා ශ්‍රම බලකායේ සායනික කුසලතා වැඩි දියුණු කිරීම සඳහා පිහිටුවා ඇති යාපනය ප්‍රාදේශීය සහයෝගිතා මධ්‍යස්ථානය Regional Collaborating Centre (RCC) හි වත්මන් ක්‍රියාකාරකම් පිළිබඳව සහ සෞඛ්‍ය සේවා අංශයේ සහයෝගීතාව සඳහා නව මාර්ග ගවේෂණය කරන අතරම දෙරට අතර පවතින හවුල්කාරිත්වයන් ඉහළ නංවා ගැනීම යන කරුණු පිළිබඳව මෙහි දී සාකච්ඡා විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (සැලසුම්) විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන්, Singhealth Duke-NUS ගෝලීය සෞඛ්‍ය ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ, ජාත්‍යන්තර සහයෝගීතා කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අධ්යක්ෂ (වැඩසටහන් සංවර්ධන) විජය රාඕ මහත්මිය (Ms Vijaya Rao), Singhealth, හදිසි වෛද්‍ය දෙපාර්තමේන්තුවේ උපදේශක මහාචාර්ය වෙන්කටරාමන් අනන්තරාමන් එමරිටස් (Prof Venkataraman Anantharaman Emeritus), සිංහෙල්ත් එමරිටස් උපදේශක සහ කලාපීය සහයෝගීතා මධ්‍යස්ථානයේ ප්‍රධානී, ඡ්‍යෙෂ්ඨ උපදේශක, ආචාර්ය ක්වා චොං ටෙක් (Dr Kwa Chong Teck), Singhealth ජාත්‍යන්තර සහයෝගීතා කාර්යාලය වෙනුවෙන් අයිරින් ඇන්ග් මහත්මිය (Ms Irene Ang), Singhealth Duke-NUS ගෝලීය සෞඛ්‍ය ආයතනයේ පර්යේෂණ සහකාර වරුන් වන ආචාර්ය මෙන්ගිං උං (Dr Mengieng Ung), මහාචාර්ය රෙන්සෝ ගුයින්ටෝ (Prof Renzo Guinto), ඩියුක් විශ්ව විද්‍යාලයේ ගෝලීය පාරිසරික සෞඛ්‍ය පිළිබඳ සහකාර මහාචාර්ය නිෂාඩ් ජයසුන්දර (Prof Nishad Jayasundara) සහ යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුරෙන් තිරකුමාරන් මහත්වරු මෙම හමුවට එක්ව සිටියහ.