සේවක අරමුදලේ කෝටි 2179කට වෙච්ච දේ

සේවක අර්ථ සාධක අරමුදල සමාගම් පහළවක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්‍රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ.

සාමාන්‍ය කොටස් ආයෝජනයන් සඳහා 2023 වර්ෂයේද ලැයිස්තුගත සමාගම් නවයක කර තිබූ රුපියල් කෝටි 439 කට වැඩි සාමාන්‍ය කොටස් වෙලා ආයෝජනයන් සඳහා 2019 වර්ෂයේ සිට ද  අර මුදලට ප්‍රතිලාභ ලැබී නොතිබුණු බව එම වාර්තාව සඳහන් කරයි.

ලැයිස්තුගත නොවූ සමාගම් වල කොටස් ආයෝජනයෙන් රුපියල් කෝටි 500කට වැඩි මුදලක් පෞද්ගලික සමාගමක ආයෝජනය කර තිබූ නමුත් එම සමාගම යටතේ ඉදිකිරීමට නියමිත වූ ඌටා සංකීර්ණයක ඉදිකිරීම් කටයුතු  ක්‍රියාත්මක කර නොතිබූ බව වාර්තාවේ දැක්වේ.

එම ආයෝජනය කර වසර 11ක් ගත වූවද කිසිම ප්‍රතිලාභයක් අරමුදලට ලැබී නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය පවසය.

මේ අතර සේවක අර්ථසාධක අරමුදලෙහි සාමාජික ගිණුමෙන් රුපියල් කෝටි9562 කට වැඩි මුදලක් 2023 වර්ෂයේදී  විවිධ හේතු මත එක් එක් සාමාජික ගිණුම් වලට  බැර කිරීමෙන් තොරව පැවතුන බව විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *