ආන්දෝලනයකට තුඩුදී ඇති සෙවනගල ලංකා සීනි සමාගමේ සිදුව ඇති බව කියන මූල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් එහි නියෝජ්‍ය සාමාන්යාධිකාරිවරියකගේ (මූල්‍ය) වැඩ තහනම් කර ඇතැයි සෙවනගල සීනි සමාගමේ පාලන අධිකාරිය කියයි.
ඒම නියා්ජ්‍ය සාමාන්යාධිකාරියගේ කාර්යාලයටද ඉකුත් 4 වැනිදා සීල් කර ඒහි ලිපි ෙල්ඛන පරික්ෂා කිරීෙමන් අනතුරුව ඒය ෙපෙර්දා 05 යළිත් විවෘත කර ඇති අතර ඇය ගැන පරීක්ෂණ දිගටම කර ගෙන යන බව එම ආයතනය පවසයි.
ඉකුත් රජය සමයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියාගේ මංගල කටයුත්තක් සදහා කිසිදු ලියවිල්ලක් නොමැතිව රුපියල් ලක්ෂ හැටක් (60 00,000) ලබා දීම , ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඉඩමක ආයතනයේ වියදමෙන් නිවාඩු නිකේතනයක් අයුරින් නිවෙසක් ඉදි කිරීම සදහා විශාල මුදලක් වියදම් කිරීම ආදී චෝදනා රැසක් ඇයට විරුද්ධව පවතින බව පාලනාධිකාරිය පවසයි.
මීට අමතරව ගොවීන් ආයතනයට උක් ලබා දීමෙන් පසු ඔවුන්ගෙන් අය විය යුතු මුදලට අමතරව ශේෂපත්ර සකසා ගොවීන්ගෙන් විශාල මුදලක් වංචා කර ඇති බවටද චෝදනා එල්ල වී ඇතැයිද ගොවීන්ගෙන් වංචා කරන ලද මුදල් පිළිබද වෙනම පරීක්ෂණයක් මේ වන විටත් ආරම්භ කර ඇති බවද සෙවනගල සීනි සමාගමේ පාලනාධිකාරිය කියයි.
සෙවනගල සීනි සමාගෙමි මීට පෙර ප්‍රධාන තනතුරු දැරූ කීප දෙනකුගෙත් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඉදිරි දින කීපයේ ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.