සිරි දළඳා දැක්මට දැන් සිටම පෝලිම්

වසර දාසයකට පසු  ආරම්භ වීමට නියමිත සිරි දළදා වන්දනාව සඳහා දුර බැහැර ප්‍රදේශවල බැතිමතුන් දින දෙකක් තිස්සේ පෝලිම් වල රැඳී සිටින අයුරු දැකගත හැකි විය.

වයෝවෘධ කාන්තාවන් පිරිමින් මැදි වයසේ පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන්ද එසේ පෝලිම්වල රැඳී සිටින අයුරු දක්නට ලැබුණි.

ඇතැම් අය බණ පොත් කියවමින් තරුණ කාන්තාවන් රෙදිවල විවිධ ගෙත්තම් සිදුකරමින් හා පොත්පත් පුවත්පත් කියවමින් ඔවුන් පෝලිම්වල රැඳී සිටින අයුරු දිස්විය.

එසේ පෝලිම්වල රැඳී සිටි පිරිස් අතරින් බහුතරය දකුණු ප්‍රදේශයේ පිරිස් වීමද විශේෂත්වයක් විය.

එසේම බොහෝ දුර බැහැර ගම් දනව්වල බැතිමතුන් මහත් ශ්‍රද්ධාවෙන් යුතුව දළදා සමිඳුන් සියැසින් දැක වැඳ නමස්කාර කර ගැනීමට සෑදී පැහැදී සිටින අයුරු නිරීක්ෂණය විය.

දුර ඈත ගම් දනව්වලින් පැමිණි ඇතැම් වයෝවෘද කාන්තාවන් හා පිරිමින් බහුතරයක් පවසා සිටියේ මෙවර සිංහල අලුත් අවුරුද්දට තම දූ පුතුන් ඥාතීන් ලබාදීමට උත්සාහ කළ ඇඳුම් පැළඳුම් ප්‍රතික්ෂේප කොට මෙම මහඟු වන්දනා ගමනට සහභාගි වීම සඳහා මුදල් ලබාගත් බවයි. ඔවුන්ද මහත් බැතියෙන් යුතුව එම මුදල් ලබා දුන් බවද එම වයස්ගත පුද්ගලයන් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *