කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත බන්ධනාගාරයේ සිට රැගෙන ආ සිරකරුවන් දෙපිරිසක් අතර මහේස්ත්‍රාත් අධිකරණයෙහි සිර මැදිරිය තුලදී සිදු වූ ගුටි බැට හුවමාරුවක් නිසාවෙන් ඇති වූ නොසන්සුන්තාව බන්ධනාගාර නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් පාලනය කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා පවසයි.
බන්ධනාගාරයෙහි සිට බස් රථ තුනකින් සිරකරුවන් පිරිසක් රැගෙනවිත් අධිකරණ සිර මැදිරිය තුල රදවා සිටියදී මෙලෙස සිරකරුවන් දෙපිරිසක් අතර ගුටි බැට හුවමාරුවක් සිදුව ඇතැයි ද එම අවස්ථාවේදී අදාල සිර මැදිරිය තුල සිරකරුවන් සියයකට වැඩි පිරිසක් රදවා තබා සිට ඇතැයිද ඒ මහතා පවසයි
සිර මැදිරිය තුල ගුටිබැට හුවමාරුව සිදු වූ අවස්ථාවේදී බන්ධනාගාර නිළධාරීන් කිහිප දෙනෙකු එම සිර මැදිරිය තුලට ගොස් එම ගැටුම වළක්වාලීමට කටයුතු කර ඇත
මෙම සිරකරුවන් අතර සිදු වූ ගුටි බැට හුවමාරුව නිසාවෙන් අධිකරණයෙහි ඇති වූ නොසන්සුන්තාවය නිසාවෙන් අධිකරණ කටයුතු විනාඩි කිහිපයකට නවතා දැමීමට ද සිදුව ඇති බවද වාර්තා වේ