අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබූ සියලුම අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අහෝසි වී තිබේ.
අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බව කැබිනට් කාර්ය මණ්ඩල ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
සතිපතා රැස් වන අමාත්‍ය මණ්ඩල රැස්වීම සති කිහිපයක් තිස්සේම නොපැවැත්වුණේ ඇමති මණ්ඩලය ඉල්ලා අස් වීම හේතුවෙනි.
එමෙන්ම එම අමාත්‍යවරුන් ගේ නමින් පාර්ලිමේන්තුව ඉදිරිපත් කර ඇති පනත් ගැසට් නියෝග රෙගුලාසි ආදිය අතුරින් මුදල් විෂයට ද ඉදිරිපත් කළ යුතු දෑ මුදල් අමාත්‍යවරයා විසින් ද ඉතිරිය අගමැතිවරයා විසින් ද ඉදිරිපත් කිරීමට නියමිතය.