සාන්ත ජෝන් විදුහල්පති ඉවත් කළාට විරෝධයක්

නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ විදුහල්පතිවරයා හදිසියේ ස්ථාන මාරු කිරීමට එරෙහිව ආදි ශිෂ්‍යයන් මාපියන් ඇතුලු පිරිසක් පාසල ඉදිරිපිටදී  උද්ඝෝෂණයක නිරත විය.

එහිදී අවංක නායකත්වයට මඟ අහුරන දූෂිත නිලධාරීන් පන්නා දමමු., විදුහල්පති මාරු කිරීම හෙලා දකිමු, සිසුන්ගේ අනාගතය බෙලිගන්නා පාලකයින්ට විරෝධය,පාසල දියුණුවේදී රිදෙන්නේ කාටද,වැඩ කරන විදුහල්පති ශාන්ත ජෝන්ට අරහන්ද,පාසලට නව ජීවයක් දුන් විදුහල්පති රැක ගනිමු , යන මෑයින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මෙසේ විරෝධතාවේ නියැළිණි.

වසරක් වැනි කෙටි කාලයක් තුළ මධ්‍යස්ථව පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියා කළ, හා පාසලේ විවිධ දූෂණ චෝදනා වලට සම්බන්ධ වූවන් ඉවත් කිරීමට පියවර ගෙන කෙටි කාලයක් තුළ පාසල නිවැරදි මාවතකට යොමු කිරීමට පියවර ගත් මෙම විදුහල්පතිවරයා ඉවත් කිරීම බලවත් අසාධාරණයක් බව විරෝධතාවට එක් වූ මාපියෝ පවසති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *