සහල් මෙට්‍රික් ටොන් 300,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීමට වෙළඳ අමාත්‍යාංශයට අනුමැතිය ලැබී තිබෙනවා.

නාඩු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් සහ GR 11 කෙටි ධාන්‍ය සහල් වර්ගයේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමේ යෝජනාවක් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සභාගත කර ඇත.

අවශ්‍ය සහල් තොග විවෘත වෙළෙඳපොළේ පවතින බව සහතික කිරීම සඳහා සම්බා සහල් සඳහා ආදේශකයක් ලෙස මෙම සහල් තොගය ආනයනය කිරීමට නියමිතය.

ඒ අනුව අවශ්‍ය සහල් තොග ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *