සරසවි සිසුවාට පහරදුන් සිසුන් 7 දෙනාට ඇප

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම විශ්ව විද්‍යාලයේම සිසුන් හත් දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය

ලද පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු සිදුකර හෝමාගම මූලස්ථාන පොලිසිය මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී

එම විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ මාතර වැලිගම ප්‍රදේශයේ ශිෂ්‍යයෙකුට හෝමාගම පිටිපන ප්‍රදේශයේ නවතැන්පොලක් තුළදී සැකකාර සිසුන්  විසින් ඉකුත්දා පහරදීම සිදුකර තිබුණ අතර අදාල සිසුවා විශ්ව විද්‍යාලය තුළ නවක වදයට එරෙහිවීම,  සවස හයෙන් පසු විශ්ව විද්‍යාලය තුල සැරිසැරීම සහ අන්වර්ථ නමක් භාවිතා නොකිරීම හේතුවෙන්  මෙලෙස පහරදීම සිදුව ඇති බවට අදාළ පැමිණිල්ලේ සඳහන් වන බවද පොලිසිය පවසයි

පහර කෑමට ලක් වූ සිසුවා හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබා එම රෝහලින් පිටව ගොස් මාතර වැලිගම ප්‍රාදේශීය රෝහලට සහ මාතර මහ රෝහලට ඇතුළත්ව නේවාසික ප්‍රතිකාර ලබාගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *