‘‘සරසවි සිසුවාගේ මරණය ගැන කඩිනමින් කරුණු සොයනවා‘‘

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ  සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන් නැතහොත් එයට වගකිව යුතු පුද්ගලයන් කවුද කියලා හදුනා ගැනිම සදහා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් දෙදෙකුගේ සහ ලේකනාධිවරයෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා යැයි  සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය

මිය ගිය සිසුවා මාර්ගගත ක්‍රමයට ඉගෙනුම ලැබු චරිත් දිල්ශාන් නැමති දරුවා ඉකුත් 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දිවි හානිකරගෙන තිබෙන බවට වාර්තා වුණා.

මෙම සිද්ධිය පොලිසිය වාර්තා කළ පසු ඊට සම්බන්ධ පුද්ගලයන් කවුද කියන ඊට වගකිව යුතු පුද්ගලයන් කවුද කියලා හදුනාගෙන ඒ සඳහා ගනු ලබන  විනිය ක්‍රියාමාර්ග මා වෙත නිර්දේශ කරලා අවශ්‍ය වාර්තාව සපයන්න කියලා එම කමිටුවක් පත් කළේ.

මෙම කමිටුවෙි මුලික විමර්ශන වාර්තාව මා වෙත හැකි ඉක්මනින් ලබා දෙන ලෙසට මා ලිපියක් මගින් ඔවුන් දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව ඒ කමිටුව රැස්වෙලා අදාල කටයුතු කටයුතු කරන බවට මා වෙත වාර්තා වෙනවා.මෙි අතර පොලිසිය විසින් වෙනම විමර්ශනක් සිදු කරනවා. විශ්වවිද්‍යාල පනත අනුව විශේෂයෙන්ම නවක වඳය සමිබන්ද විභාග කරන්න පනතක් තිබෙනවා.ඒ පනත අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙි චක්‍රලේක අංක 946 නවක වදය පාලන කිරිමෙි පනත යටතේ ඒ සදහා ලබා දිය හැකි දඩුවම් මොනවද කියලා අප වෙත ලබා දෙයි කියලා අප විශ්වාස කරනවා.

ඒ අනුව අපි කඩිනමින් අදාළ පියවර ගැනිමට කටයුතු කරනවා යැයි ඒ මහතා වැඩිදුරටත් පැවැසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *