මියන්මාරයේ ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ක්‍රියාත්මක කරන සයිබර් අපරාධ ප්‍රදේශයේ කඳවුරක බලහත්කාර අපරාධ ක්‍රියාකාරකම් සඳහා වහල්භාවයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිස මුදා ගැනීමට පහසුකම් සපයන ලෙස ශ්‍රී ලංකාව මියන්මාරයෙන් ඉල්ලා තිබේ.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට සම්බන්ධ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තායිලන්තයට ගෙන්වාගෙන ඔවුන් මියන්මාරයේ ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ක්‍රියාත්මක කරන සයිබර් අපරාධ ප්‍රදේශයේ කඳවුරක සිරකර තබාගෙන සිටි බව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී වාර්තා විය. මෙම වසරේ අප්‍රේල් මාසයේදී මෙම සයිබර් වංචාවෙන් මුදාගත් ශ්‍රී ලාංකිකයන් අට දෙනෙකු ආරක්ෂිතව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලදී.
ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මියන්මාර අගමැති මින් අවුන්ග් හ්ලේන්ග් මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවී සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන් මුදාගැනීම සඳහා සහාය ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකා නිලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සහ මෙම ගැටලුව විසඳීමට ප්‍රමුඛත්වය දීමට මියන්මාර රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
බිම්ස්ටෙක් ජාතික ආරක්ෂක ප්‍රධානීන්ගේ 4 වන රැස්වීමට සමගාමීව ආරක්ෂක ලේකම්වරයා මියන්මාර අග්‍රාමාත්‍යවරයා හමුවිය. මෙම හමුවේදී දෙරට අතර මිත්‍ර සබඳතා, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ ආගමික කටයුතු සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සහයෝගීතාව, අභ්‍යාසලාභීන් හුවමාරු කර ගැනීම සහ සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව ඔවුහු සාකච්ඡා කළහ.
ආරක්ෂක ලේකම්වරයා සමග මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිනි ප්‍රභාෂිනී පොන්නම්පෙරුම මහත්මිය සහ ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ සිට විංග් කමාන්ඩර් නුවන් මැදගම මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.