ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජවිපෙ 60 වැනි සංවත්සර උත්සවය අමතමින් පැවසීය.
” සහෝදරයා,යට ගිය ඉතිහාසය ගැන වැඩිය කතා කරන්න එපා යැයි සමහර විට තැන තැන මුමුණන්න ඉඩ තියෙනවා.සමහර කවයන් ඒ ඉතිහාසය අමතක කරමින් අපිත් සමග ඉන්න ලෑස්ති වෙන බව මම දන්නවා, යනුවෙන්ද ජනාධිපති අනුර දිසානායක මහතා කීය.
ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවස්තර උළෙල කොළඹ විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේ දී ඊයේ(14)වන දා පස්වරුවේ පැවැත්විණි.