සබරේ චරිත්ගේ මරණය ගැන මහා ශිෂ්‍ය සංගමයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිිඨයේ  දෙවැනි  වසරේ ඉගනුම ලැබු චරිත් දිල්හාර සහෝදරයාගේ හදිසි අභාවය පිළිබදව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ඇතුළු සියලුම ශිෂයන්ගේ  බලවත් ශෝකය ප්‍රකාශ   කරන  බවත් නවකවදය සිදුවිමක් සිදු  වි ඇත්නමි ඒ පිළිබඳව විනිවිදභාවයකින් හා අපක්ෂපාති පරික්ෂණයක් කඩිනමින් සිදුකරන  ලෙස ඉල්ලා සිටින බවත් ඒ සදහා ශ්‍රී ලංකා  සබරගමුව විශ්වවිද්‍යාලයේ  මහා  ශිෂ්‍ය  සංගමයේ උපරිම  මැදිහත් විම  සහ දායකත්වය  ලබා දෙන බව සබරගමුව විශ්වවිද්‍යාලයේ  මහා  ශිෂ්‍ය  සංගමය විසින්  මාධ්‍ය  නිවෙිදනයක්  නිකුත්  කරමින්  සදහන් කර සිටියි.

එම සහෝදරයාගේ මරණයට සමගාමීව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් පිරිසකට නවකවදය චෝදනා එල්ලවන අතර  ඒ පිළිබදව සහ  සහෝදරයාගේ මරණය පිළිබඳව ශ්‍රී  ලංකා පොලිසිය  විසින් විමර්ශන කටයුතු ආරම්භ කර  ඇති  බවත් මෙි වන  තෙක් මරණය පිළිබඳව නිශ්චිත හේතුවක්  සනාථ කොට  නැති  බවද එම  ලිපියේ  සදහන්  කර  ඇත.

එම  ලිපියේ  තවදුරටත්   සදහන්  කර  ඇත්තේ –

ශිෂ්ඨ සමිපන්න සමාජයක් තුළ නවකවදය නැමති පසුගාමී අදහස් ප්‍රතික්ෂේප වු  කාලයක එවැනි  අදහස් විශ්වවිද්‍යාලය තුළට ගෙන ඒම හෝ  ඒ සමිබන්දයෙන් අනුබව දිල හෝ එවැනි ක්‍රියා සිදුවිම  ශ්‍රී  ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ  මහා ශිෂ්‍ය  සංගමය ලෙස  තරයේ හෙලා දකින්නෙමු.

නවකවදය වැනි පසුගාමී ගතානුගතික සංස්කෘතියක් තුළින් කිසිසේත්ම නිදහස් අධ්‍යපනයක් සුරක්ෂිත නොවනු ඇත.එමෙන්ම අප  විශ්වවිද්‍යාලය තුළ නිදහස් ආකල්පයකින් යුතුව කලාව හා අධ්‍යපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය  වපසරිය නිර්මාණය කිරිම අපගේ ද අරමුණයි.

එබැවින් නවකවදය වැනි පසුගාමී සංස්කෘතියක් සමගින් අප ශිෂ්‍ය සංගමයට කිසිදු  සමිමුතියක්  නොමැත . විශ්වවිද්‍යාලය තුළ නවකවදය වැනි ක්‍රියාකාරකම් වලට මහා ශිෂ්‍ය සංගමය ලෙස සැමවිටම විරෝධය දක්වන එම  ලිපියේ  වැඩිදුරටත්  සදහන්  කර  තිබෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *