අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමේ විවාදයක් ලබන 22 වැනිදා බ්‍රහස්පතින්දා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
මෙම විවාදය එදින පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂ නායකයන් රැසක් මෙම විවාදයේදී අදහස් දැක්වීමට නියමිතය.
මෙම විවාදය දැක බලා ගැනීමට සනත් නිශාන්ත මහතාගේ බිරිඳ නීතිඥ චමරි පෙරේරා සහ දරුවෝ තිදෙනා පාර්ලිමේන්තුවට පැමිණෙති.
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය ප්‍රදේශයේදී ඉකුත් ජනවාරි මස 25 වැනිදා සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්විය.