සජිත් තවමත් ඉදිරියෙන්

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (අයි.එච්.පී.) ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන්ට ලැබෙන සහය (අභිප්‍රාය) පිළිබඳව කළ සමීක්‍ෂණයේදී සමඟි ජනබලවේගයේ අපේක්‍ෂක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින බවත් ප්‍රේමදාස මහතාට සියයට 43 ක සහයක් ඇති බවත් එම ආයතනය නිවේදනය කළේය.

ජාතික ජනබලවේගයේ අපේක්‍ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට සියයට 30 ක සහයක් ඇතැයි එම සමීක්‍ෂණයෙන් හෙළිවූ බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන සහය සියයට 20 ක දක්වා ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයාට සියයට 7 ක සහයක් ඇති බවත් එම ආයතනය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *