සජිත්ගේ සහ අනුර IMF නියෝජිතයින් සමග සාකච්ඡාවක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් සිදුවී තිබේ.

විපක්ෂනායක කාර්යාලයේ පැවැති අදාළ හමුව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් එහි ජ්‍යේෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් මහතා ඇතුළු පිරිසක් එක්වී සිටි බව වාර්තා වෙයි.

වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග යැයි පවසමින් ජනතාවට විශාල බදු බරක් ලබා දෙමින් වැට් බදු ඇතුළු බදු වර්ග රැසක් අධික ලෙස වැඩිකර ඇති බව එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වාදී තිබේ.

මේ හේතුවෙන් සාමාන්‍ය ජනතාව, ගර්භණී කාන්තාවන්, දරුවන්, මධ්‍යම පාන්තිකයන්, රාජ්‍ය සේවකයන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට අයත් පුද්ගලයන් අසරණ වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පෙන්වාදී ඇත.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ පවත්වා තිබුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් පීටර් බෲවර් මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් අදාළ සාකච්ඡාව සඳහා එක්වී සිට ඇති බවද වාර්තා විය.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසුරිය, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *