සජබ පාගමනට කඳුළු ගෑස් ප්‍රහාරයක්

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර රටේ ජනතාවට තිබෙන ආර්ථික පීඩනය අඩු කර ජනතාවට නිදහසේ ජීවත් වීමට ඉඩ සලසා දෙන්නැයි රජයට බල කරමින් කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදී ආරම්භ විය.

“වෙනසක් හදන වසරක් 2024” යන මැයෙන් විරෝධතාවය සංවිධානය කර තිබිණි.

විරෝධතාවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකයින්, වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයින්, සමගි ජනබලවේගයේ සියලුම කාන්තා හා තරුණ ශාඛා සමිති නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

විරෝධතාවයට සහයෝගය පළකරමින් ගොවීන්, ධීවරයන්, රාජය සේවකයන්, වෘත්තීය සමිති නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක්ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *