විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
කොළඹ නගර සභාවේ මන්ත්‍රී දුර 48ක් රජයට හිමිව තිබියදී විපක්ෂයට මන්ත්‍රීධුර 60කට අධිකක ප්‍රමාණයක් හිමිව ඇති බවත් විපක්ෂය සියලු දෙනාා ඒකාබද්ධ කරගනිමින් සමගි ජන බලවේගයේ නගරාධිපතිවරයෙක් සමග කොළඹ නගර සභාව පිහිටුවන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
කෙළඹ නගර සභාව මෙන්ම විපක්ෂයට වැඩි බලය හිමි පළාත් පාලන ආයතන පිහිටුවා නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් පත්කිරීමට කටයුතු කරන බවද කොළඹ ඊයේ(7) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කීවේය.
රජය බලයට පත්ව මාස පහක් ගිය තැන ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බව මෙම මැතිවරණ ප්‍රතිඵල තුළින් පෙන්නුම් කරන බවත් මද්දුමබණ්ඩාර මහතා එහිදී පැවසීය.
62% ක ප්‍රතිශතයකින් මහමැතිවරණය ජයගත් මාලිමා රජයේ බලය පළාත් පාලන මැතිවරණය වන විට 43% දක්වා අඩු වී ඇති බවත් මාස පහක් තුළ ජනතාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ඇති තරම ඉන් පැහැදිලි වන බවත් ඔහු සඳහන් කළේය.
සමගි ජන බලවේගය මහ මැතිවරණයේදී ගත් 17% ක ඡන්ද ප්‍රතිශතය සියයට 22දක්වා වැඩිවී ඇති බවත් ආණ්ඩුව හැරුණු විට විපක්ෂයේ සියලු පක්ෂ තම ඡන්ද ප්‍රතිශතය ඉහල නංවා ගැනීමට සමත්ව ඇතැයිද මහලේකම්වරයා පැවසීය.
ආණ්ඩුව බලයට පත්වී මාස පහක් තුළ ජනතා බලය සේදී ගොස් ඇති බවත් හැකිනම් පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි අභියෝග කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.