ශ‍්‍රී ලංකා රුපියල ලෝකයේ දුර්වලම මුදල් ඒකකය බවට පත්වෙයි.

ලෝකයේ දුර්වලම ක්‍රියාකාරීත්වක් ඇති මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල මේ වන විට පත්වී ඇති බව ෆයිනෑන්ෂල් ටයිම්ස් සඳහන් කරයි.

2022 වසරේ මේ දක්වා වඩාත් පිරිහීමකට ලක්ව ඇති මුදල් ඒකකය වන්නේ ශ්‍රී ලංකා රුපියල බවද එම වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 32% කින් පහත වැටීමක් පෙන්නුම් කරන බව ද එහි සඳහන්ය.

2022 වසරේ ලොව වඩාත්ම පිරිහීමකට ලක්ව ඇති මුදල් ඒකකයන් භාවිතා වන රටවල් අතර ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබේ.

ඝානාව, ඊජිප්තුව, රුසියාව සහ ටජිකිස්ථානය එම ලයිස්තුවේ මුල් ස්ථාන පහ හිමිකරගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *