පකිස්ථානුවන්

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රභූ පර්යන්තවල සේවාව නවත්වයි.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය (SLNSS) විසින් සියලුම ගුවන් තොටුපළවල ප්‍රභූ පර්යන්තවල මැති ඇමතිවරුන් සඳහා වන සේවාවන් ඉවත් කර ඇති බව නිවේදනය කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් SLNSS කියා සිටියේ ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික හා ආර්ථික අර්බුදයේ වගකීම සියලුම දේශපාලන පක්ෂ භාරගත යුතු බවයි.

දේශපාලඥයින් රටේ ජනතාව වෙනුවෙන් කළ යුතු යුතුකම් පැහැර හැරීම සම්බන්ධයෙන් සිදුකරන ක්‍රියා කලාපය SLNSS තවදුරටත් හෙළා දකිනවා.

ඒ අනුව මැති ඇමතිවරුන් සඳහා සියලුම ගුවන් තොටුපළවල ප්‍රභූ පර්යන්තවල සියලුම සේවාවලින් ඉවත් වෙමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ප්‍රකාශ කළේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා වත්මන් අර්බුද විසඳන තුරු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව එම සංවිධානය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *