කොළඹ 10 ටී බි. ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථාන ගොඩනැගිල්ල හිමි කාටදැයි යන ප්රශ්නය අද දිනයේ නැවතත් මතු විය.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පක්ෂපාතී කණ්ඩායමේ වැඩ බලන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා අද පෙරවරුවේ පොලිසිය සමග එම මුලසස්ථානයට ඇතුලු විම සඳහා ගිය අවස්ථාවේදී එහි දොරගුළු ඇරීමට අවශ්‍ය යතුරු නැති නිසා මහත් අපහසුතාවයකට පත්විය.
එම අවස්ථාවේදී වැඩ බලන ලේකම්වරයා පොලිසියට කියා සිටියේ තමා ඇතුළු කණ්ඩායමට ගොඩනැගිල්ලට ඇතුළු වීමට නොහැකි වීමේ වරද පොලිසිය බාරගත යුතු බවයි.
පසුගිය දිනෙක අමාත්‍ය මහින්ද අමරවීර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු පක්ෂ මූලස්ථානය තුළ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වා පිටව ගිය බවත් ඉන්පසු තමා කළ පැමිණිල්ලක් අනුව පොලිසිය විසින් මූලස්ථානයට සිල් තබා කිසිවකුට එහි ඇතුළු වීමට ඉඩ නොදුන් නිසා එහි සියලු වගකීම පොලිසිය භාරගත යුතු බවද වැඩි බලන ලේකම්වරයා කීය .
මෙහිදී වැඩිබලන ලේකම්වරයා සහ පොලිසිය අතර දැඩි නොසන්සුන්තාවයක් සහ උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර පැමිණ සිටි පාක්ෂිකයන්ද පොලිසියට විවිධ දේ කීහ.
අවසානයේ වැඩ බලන ලේකම්වරයා ද ගොඩනැගිල්ලට ප්‍රවේශ වන ගේට්ටුවට අලුතින් ඉබි යතුරු දමා පක්ෂික පිරිස සමඟ එම ස්ථානයෙන් පිටව ගියහ .