ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ පළමු රැළිය ජුනි 8 වැනිදා අම්බලන්තොට නගරයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
‘රටට ජය: එක්ව අනාගතය’ යන තේමාව යටතේ මෙම ජන රැළිය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඔහු පැවසීය.
“නව සන්ධානය ඉදිරියේදී සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන අතර, ඒ ඒ දිස්ත්‍රික්කවල පැවැත්වෙන රැලි සඳහා එම දිස්ත්‍රික්කවල පාක්ෂිකයින් පමණක් සහභාගී වනු ඇත.කෙසේ වෙතත්, මෙම නව සන්ධානයේ ජන රැළිය ඉතා ශක්තිමත්ව පැවැත්වීමට තීරණය කර තිබෙනවා. සාර්ථක අන්දමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ ශක්තිය මෙම ජනහමු මාලාව තුළින් අවබෝධ වන බවද අමරවීර මහතා පැවසීය.