වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 කළ ගැසට්ටුව එයි

සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව ප්‍රකාශයට පත්  කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස සඳහන්  17 වන වගන්තිය    2022 දෙසැම්බර් මස 12 දාතමින් නිකුත් කළ අති විශේෂ  ගැසට් නිවේදනයකින් අවසන් වරට කළ  සංශෝධනය කර තිබිණි.එම වගන්තිය  තව දුරටත් සංශෝධනය   කරමින්  රාජ්‍ය පරිපාලන ,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න මහතා විසින් පෙරේදා (20)දාතමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරිණි .

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ, ශ්‍රේණිගත වෛද්‍ය හා දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ, වෛද්‍ය පරිපාලන ශ්‍රේණිවල සියලුම නිලධාරීන්ගේ, විශේෂඥ දන්ත වෛද්‍යවරුන්ගේ සහ ලියාපදිංචි වෛද්‍ය වෘත්තිකයන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 විය යුතු බව මෙම  ගැසට් නිවේදනයේ සඳහන්වේ.

මෙම  විධිවිධාන 2023 වසරේ ජනවාරි මස 01 වන දින සිට බලාත්මක විය යුතු බව ද එහි වැඩිදුරටත් සඳහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *