වේරැස් ගඟ ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේ සංගීත ප්‍රසංගයට ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව අත්තනෝමතිකව රුපියල් ලක්ෂ 276ක මුදලක් වැය කරමින් රජයට පාඩු සිදු කළ බවට චෝදනා ලැබූ සිද්ධියේ ප්‍රධාන සැකකරු විය යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරිනිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවේ ප්‍රකාශ කළාය. සිද්ධිය සම්බන්ධයෙන් ප්රතිලාභ ලබා ගත් භාතිය-සන්තුෂ් නමැත්තන්ද සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කළ යුතු බව සිය නීතිඥවරයා මාර්ගයෙන් දැනුම් දුන් ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරිනී ශ්‍රීමති මල්ලිකා කුමාරි සේනාධීර මහත්මිය, සිද්ධිය සම්බන්ධයෙන් සියලු කරුණු අනාවරණය කරමින් රහස් ප්‍රකාශයක් දීමට වුවත් සූදානම් බව වැඩිදුරටත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.
කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා නුගේගොඩ, රත්තනපිටියේ බෙල්ලන්විල දක්වා ‘වේරැස් ගඟ ව්‍යාපෘතියේ’ පළමු අදියර විවෘත කිරීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව උත්සව සංවිධාන කටයුතු සමාගමකට බාරදී රජයට රුපියල් ලක්ෂ 276ක පාඩුවක් සිදු කර ඇතැයි කියමින් අල්ලස් කොමිසම ඉදිරිපත් කළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී හිටපු සාමාන්‍යාධිකාරිනිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රිමාන්ඩ් බාරයේ සිටි ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරිනී ශ්‍රීමති මල්ලිකා කුමාරි සේනාධීර මහත්මිය බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවාය.