වී ගන්න කෝටි 650ක ණය බැංකුවලින්

යළ කන්නයේ වී අස්වනු මිලදීගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිතිවලට සහනදායි පොලී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 6,500 ක් හෙවත් රුපියල් කෝටි 650 ක් වෙන්කර ඇති බව මුදල් අමාත්‍යංශය පැවසීය.

මෙම ණයයෝජනා ක්‍රමය ජූලි මස 1 වැනි්දා සිට නොවැම්බර් මස 15 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.

උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙට්‍රක්ටොන් 25කට යටත්වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සපූපකාර සමිතිවලට මෙම ණය යෝජනා ක්‍රමයෙන් ණය ගතහැකිය.

මෙම ණය ලබා ගැනීම සඳහා අදාළ රාජ්‍ය ආයතනයකින් නිකුත් කළ වලංගු ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් සහ වී අලෙවි මණ්ඩලය නිකුත් කළ බලපත්‍රයක් සියලු ණය ඉල්ලුම්කරුවන් සතුව පැවතිය යුතු බවත් සියයට 7ක වාර්ෂික පොලී අනුපාතයකට රුපියල් මිලියන 50ක් දක්වා ණය මුදලක් ලබාගත හැකි අතර අදාළ ණය මුදල දින 180ක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.

ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩී.එෆ්.සී.සී බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, සණස සංවර්ධන බැංකුව, අමානා බැංකුව, කාගීල්ස් බැංකුව සහ පෑන් එෂියා බැංකුව යන බැංකු මෙම ණය නිකුත් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *