LK reports news sinhala

විශ්‍රාමිකයන්ගේ තුන්දාහ කොමිසමෙන් නවත්වයි

විශ්‍රාමිකයන්ට වැඩි කළ රුපියල් 3000 ක අන්තර් කාලීන දීමනාව සැප්තැම්බර් මාසයේ නොගෙවන්නැයි මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශයට දන්වා තිබේ.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති හෙයින් අලුතින් දීමනාවක් ගෙවීමට අවසර ලබා දිය නොහැකි බව ද මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශයට දන්වා ඇත.

ඒ අනුව විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා සකස් කරන තුරු ඔවුන්ට ගෙවීමට රජය තීරණය කළ රුපියල් 3000 දීමනාව ලබන ඔක්තෝබර් මාසයේ සිට ගෙවීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

සැප්තැම්බර් මාසයට අදාළ රුපියල් 3000 ද සමග රුපියල් 6000ක දීමනාවක් ඔක්තෝබර් මාසයේ සිට ගෙවන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

එහෙත් විශ්‍රාමිකයන්ට ඉකුත් අප්‍රේල් මාසයේ සිට රජය ලබා දෙන රුපියල් 2500 දීමනාව එලෙසින්ම තවදුරටත් ලබා දෙන බව ද සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *