විරෝධතාකරුවන් පිරිසක් මහ නාහිමියන් හමුවී ඉල්ලීම් කිහිපයක් යෝජනා කරයි.

රටපුරා පැතිර යන ‘ගොඨා ගෙදර යන්න’ විරෝධතා ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක් අද මහනුවරදී මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදුටුවා.

රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව සංඝ සම්මුති ආඥාවක් නිකුත් කරන ලෙස නියෝජිතයෝ මහනාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටියහ.

රාජපක්ෂ පවුලේ උදවියට ලබා දී ඇති ගෞරව නාම ඉවත් කරන ලෙසද එම පිරිස මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටියහ.

රාජපක්ෂ පවුල විසින් පවත්වනු ලබන හෝ ඊට සම්බන්ධ කිසිදු ආගමික උත්සවයකට සහභාගි නොවන ලෙස ද මහනාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *