විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් ලබාදෙන සේවාවන් පිළිබඳ දැනුම් දීමක් සිදුකර තිබේ.

විභාග කොමසාරිස් සනත් පූජිත මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව සහතික පත්‍ර අයඳුම් කිරීම මාර්ගගත ක්‍රමයට හා විද්‍යුත් තැපැල් ක්‍රමයට පමණක් සිදුකිරීමට නියමිතය.

සහතික පත්‍ර අවශ්‍යතාව අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත හෝ අධිවේගී තැපෑල මඟින් අයදුම්කරුගේ ලිපිනය වෙත යොමුක කරනු ලැබේ.

වැඩිදුර තොරතුරු සඳහා www.doenets.lk නිල වෙබ් අඩවිය වෙත පිවිසිය හැකිය.

“DoE” දෙපාර්තමේන්තු නිල ජංගම දුරකථන යෙදවුම මඟින් ද සහතික පත්‍ර සඳහා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

01. මාර්ගගත ක්‍රමය ඔස්සේ සහතික අයදුම් කිරීම. සබැඳිය https//certificate.doenets.lk 2001 හා ඉන්පසු වර්ෂවල අ.පො.ස සා පෙළ හා උසස් පෙළ විභාග සඳහා 0112 788 137 දුරකථන අංකයෙන් විමසීම් සිදුකළ හැකිය.

02.විද්‍යුත් තැපෑල e-mail මඟින් සහතික අයදුම් කිරීම.
1. 2001 ට පෙර වර්ෂවල අ.පො.ස (සා පෙළ) හා (උ පෙළ) විභාග සඳහා
ii. ධර්මාචාර්ය, මුලික පිරිවෙන්, සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය වැනි සහිතකපත්‍ර විභාග සඳහා විද්‍යුත් තැපැල් ලිපිනය – [email protected] විමසීම් – 0112 784 323

03. විද්‍යුත් තැපෑල මඟින් විභාග අංක ලබාගැනීමට අයඳුම් කිරීම.
අ.පො.ස (සා පෙළ) හා (උ පෙළ) විභාග සඳහා පමණී.
විද්‍යුත් තැපැල් ලිපිනය – [email protected] විමසීම් 0112 784 333

04. නාම සංශෝධන සඳහා,
අ.පො.ස (සා පෙළ) හා (උ පෙළ) විභාග හි අකුරක හෝ අකුරු දෙකක දෝෂ සහිත නාම සංශෝධන සඳහා පහත විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ අදාළ ඉල්ලීම සිදුකරන්න.

විද්‍යුත් තැපැල් ලිපිනය – [email protected]
අවශ්‍ය වන ලියවිලි – Scan කරන ලද

*අයදුම්කරුගේ ඉල්ලීම් ලිපිය
*උප්පැන්න සහතිකය
*ජාතික හැඳුනුම්පතේ පිටපත
*නාම තහවුරු කිරීම සඳහා වෙනත් ලියවිලි
*නාම සංශෝධනයට අදාළ ප්‍රතිඵල ලේඛන

විමසීම් – 0112 784 537 / 0112 784 208

Leave a Reply

Your email address will not be published. Required fields are marked *