විභාග ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්

2025 වර්ෂය වන විට විභාග නිසි පරිදි පැවැත්වී සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.  පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එමෙන්ම උසස් පෙළ විභාගය පෙබරවාරි පළමු වනදා අවසන් වන බවත් උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මේ වනවිට සකස් කරගෙන යන බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙවර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර සමීක්ෂණය කරන ගුරුවරුන්ට හා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට පසුගිය වසරේදී ලබාදුන් දීමනා ලබාදීම සඳහා තමා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බවත් පැවසු අමාත්‍යවරයා, එම කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවද වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *